සකළ කලා ශිල්පාදී ධරණී
ඇතාදුටුවැව විදු මව්නී............////
ලක් මව හිරු ළග සිළුමිණ` වේ ඔබ
නැණ මග ඔබ මග වේ........
ඇතාදුටුවැව විදු මව්ණී
කිත් මල් දම් මුල පැළදී...//
සිරිලක් දෙරණම ගුණ සුවදක් කර
වැජඹේවා .....//
ඇතාදුටුවැව විදු මව්නී .......////
සිත් මල් පුබුදා ගුණ දම් වඩවා
දරු කැළ වෙත නිසි මග පෙන් වූ
ඔබ පා සෙවණේ ඔය රැකවරණේ
අප විදුහල් මෑණී
ඇතාදුටුවැව විදු මව්නී ...//
ඔබ ඇකයේ නැළවෙන දරුවන් අද
දියත පතල හෙළ විරුවන් වේ
හිරු සේ ලකඹර එළිය කෙරේවා
දෙස බස රැස පුබුදා
ඇතාදුටුවැව විදු මව්නී...//





